31.1 C
Galle

ඉන්ධන පෝළිමකින් තවත් මරණයක් වාර්තා වෙයි

Published:

කැකිරාව, ඉපලෝගම අයිඕසී ඉන්ධන පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු අද (16) උදෑසන මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුකන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක දෙදරු පියෙකි.

ත්‍රී රෝද රථ රියදුරකු වන ඔහු යතුරුපැදියක ටැංකියක් ගලවාගෙන සිය මිතුරකු සමඟ ඉන්ධන පෝළිමට පැමිණ තිබේ. ඉන්ධන පෝළිමේ රැඳී සිටිය දී හදිසියේ ම සිහිසුන් වූ ඔහු රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉපලෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මරණ පරීක්ෂණය අද සවස සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!