සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ ආයනය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ එක්ව අද හඳුන්වාදුන් ඉන්ධන සඳහා ලියාපදිංචි කිරීමේ “ජාතික තෙල් අවසරය” නිකුත් කිරීමේ QR කේත ක්‍රමය මේ වනවිට බිඳ වැටී තිබේ.
එම ක්‍රමය සඳහා ලියාපදිංචි වීමට ඇති සබැඳියට ගිය ද එය විවෘත වන්නේ නැත. විවෘත වුව ද OTP අංකය නොපැමිණෙන බව ද ඇතැම් අවස්ථාවල දී එම අංකය ලැබුණ ද ඉන් ඉදිරියට යා නොහැකි බව ද ලියාපදිංචියට උත්සාහ ගන්නා ජනතාව පවසති.
මේ සම්බන්ධයෙන් ICTA ආයතනය ඇමතූ විට කියා සිටියේ එම සබැඳියට බලාපොරොත්තු වූවාට වඩා අති විශාල පිරිසක් එකවිට ප්‍රවේශවීම හේතුවෙන් ඇති තදබදය නිසා එය බිඳවැටී ඇති බවයි.
ICTA ආයතනය භාවිතා කරන අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් රජයේ වෙබ් අඩවිවලට භාවිතා කරන එම පහසුකම් මෙවැනි කාරයයකට සුදුසු නොවන බවත් පරිගණක විශේෂඥයෝ පවසති. එමෙන්ම OTP අංකය ලබාදීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ ඒකාබද්ධව සිදුකරන්නකි. එබැවින් මේ ක්‍රමවේදය මේ වනවිට ගැටලුකාරී වී ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන අදහස් දක්වනට අය “ICTA ඕක දීපන් පොඩි ළමයකුට” “තෙල් නැවක් එන්න ඉස්සෙල්ලා OTP එක ලැබුණොත් ඇති” වැනි අදහස් ප්‍රකාශ කර තිබිණි.
එම ලියාපදිංචිය සිදුකරන සබැඳිය මෙතැනින්


