අරගලකරුවන් විසින් අත්පත් කරගෙන දින කිහිපයක් රඳවාගෙන සිටි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලිවලට සිදුව ඇති අලාභහානි පිළිබඳ විගණනක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙබ්.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති එම ගොඩනැගිලිවල තිබූ ඇතැම් කෞතුක භාණ්ඩ සහ කලාකෘති පවා විනාශ වී ඇතැයි නිලධාරීණ් පවසයි. එබැවින් එම අලාභ සිදුකළ පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමට ද අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි සාකච්ඡා පැවැත්වෙන බව ද දැනගන්නට ඇත.
අරගලකරුවන් විසින් එම ගොඩනැගිලි අත්පත් කරගැනීමෙන් පසු එම් ස්ථානවල නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් අති විශාල පිරිසක් රැඳී සිටි අතර අරගලයේ යෙදී සිටි ඇතැම් තරුණ පිරිස් පොලිසියත් ඔවුන් සමඟ එක්ව ඇති බව කීහ. නමුත් rata.lk අප පෙන්වා දුන්නේ පොලිසිය එහි සිනා මුසු මුහුණින් සිටින්නේ අරගලකරුවන් සමඟ එක්වී නොව ඔවුන්ගේ රාජකාරියක යෙදෙමින් බවයි.
මේ වනවිට එම මන්දිර සහ කාර්යාලවල සැරිසැරූ සහ විවිද අලාභහානි කරන ලද පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ සහ වෙනත් දත්ත අතිවිශාල ප්‍රමාණයක් රජය සතුව ඇති බව ද දැනගන්නට ඇත.


