අරගලකරුවන් පිරිසක් විසින් අගමැති ලේකම් කාර්යාලය අත්පත් කරගන්නා අවස්ථාවේ දී එම ස්ථානයේ රාජකාරී කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් කර ඇතැයි පැතිරයන තොරතුරුවල සත්‍යතාවක් නැතැයි යුද හමුදාව පවසයි.
කොළඹ 112 බළ සේනාධිපති ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් අනිල් සෝමවීර එදින අගමැති ලේකම් කාර්යාලය අසළ රාජකාරී බාරව කටයුතු කර තිබිණි. අගමැති ලේකම් කාර්යාලය ඇතුළට අරගලකරුවන් ඇතුළුවන අවස්ථාවේ දී වෙඩි තොනබන බවත්, රාජ්‍ය දේපළවලට හානි නොකරන ලෙසත් ඔහු කරනු ලබන දැනුම් දීමක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබිණි. ඉන් පසු ඇතැම් පුද්ගලයන් සඳහන් කර තිබුණේ එම බ්‍රිගේඩියර් වරයාගේ සහ එම ස්ථානයේ සිටි සිංහ රෙජිමේන්තුවේ 12 වැනි බල ඇණියේ අණදෙන නිලධාාරී ලුතිනන් කර්නල් පී.එච්.ජී.පී.ගුණවර්ධන ද වැඩ තහනමකට ලක්කර ඇති බවයි.
නමුත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිල්නත ප්‍රේමරත්න නිවේදනයක් නිකුත්කරමින් පවසන්‍ේන එම තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැති බවයි. ඔවුනු වෙනත් රාජකාරියක් සඳහා යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කර තිබෙන බව ද යුද හමුදාව පවසයි.


