31.1 C
Galle

බැසිල්ගෙන් පාපොච්ඡාරණයක්

Published:

නිවැරදි නොවන වැරදි තීරණ ගැනීම, නිසි වේලාවට නිවැරදි තීරණ නොගැනීම වගේ ම අභ්‍යන්තර ගැටලු මතුවීම යන කරුණු නිසා තම ආණ්ඩුවට පාර වැරදුණේ යැයි බැසිල් රාජපක්ෂ පවසයි.

තුනෙන් දෙකක විශාල බලයක් සහිතව ආණ්ඩුවක් පිහිට වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ තරම් ඉක්මණින් බලය අහිමිකරගතතේ මෙවැනි හේතූන් නිසා බව බැසිල් පවසයි.

“අපි අපේ බලවේග ඉක්මනින් අමනාප කරගත්තා. ඒ වගේ ම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්ක කරන්න ගියා. අපේ රජයට වැරදුණේ එතැනින්” යැයි හෙතෙම පවසයි.

ඔහු පවසන්නේ පොදු ජන පෙරමුණු ආණ්ඩුවට වැරදුණු බව තමන් පිළිිගන්නා බවයි. ඉදිරියේ ගන්නා ක්‍රියාමාර්ග ගැන තමන්ට තවමත් කිව නොහැකි බව ද බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!