26.6 C
Galle

ශ්‍රී ලංකාව ලෝක සමුළුවක දී අපකීර්තිමත් උදාහරණයක් වෙයි

Published:

නිවැරදි ආර්ථික වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් සංවර්ධනය වන රටක ආර්ථිකය කඩා වැටීම සඳහා හොඳම උදාහරණය ශ්‍රී ලංකාව යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජී 20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමක් අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මේ බව කියා ඇත. ගෝලීය ආර්ථික තත්වය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය බිඳවැටෙන බව ද ඇය පවසා තිබේ.

රුසියාව සහ යුක්‍රේනය අතර ඇති යුද්ධය හේතුවෙන් ලෝක ආහාර සහ භාණ්ඩ මිල දැඩි පීඩනයට ලක්ව ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍යවන අතර ශ්‍රී ලංකාව එහිි අනතුරු ඇඟවීමේ සළකුණනක් ලෙස පෙන්වා දිය හැකි බව ද අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියයි.

Related articles

error: Content is protected !!