31.1 C
Galle

ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 04ක්

Published:

ශ්‍රී ලංකාවට චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 04 ක ආධාරයක් ලැබීමට නියමිත බව චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසයි

ඔහු මේ බව කියා ඇත්තේ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එම ආධාරයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ලැබෙන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් චීනයෙන් ලබාගත් ණයමුදල ගෙවා දැමීම සඳහා අලුත් ණයක් වශයෙනි. තවත් බිලියන 1.5ක මුදලක් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ප්‍රයෝජනයට ගැනීමට ලැබෙන අතර එම මුදලින් ආනයනය කළ හැකි වන්නේ චීන භාණ්ඩ, උපකරණ සහ සේවාවන් පමණි.

මීට අමතරව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ද චීනයෙන් ලැබීමට නියමිත බවත් පාලිත කොහොන පවසා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!