26.6 C
Galle

ඔබේ වාහනයට ඉන්ධන ලැබෙන දිනය මෙන්න

Published:

රජය විසින් ඊයේ (16) සිට හඳුන්වාදුන් ජාතික ඉන්ධන අවසර පත්‍ර‍යේ QR ක්‍රමය අනුව ඉන්ධන ලබාගත හැකි දින මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකාවට ඉන්ධන නැව් කිහිපයක් ම ළඟා වෙමින් තිබෙන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ මෙම ක්‍රමය හඳුන්වාදෙන තුරු සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ පෝළිම්වල රැඳී නොසිටින ලෙසයි.

එම ක්‍රමයට ඉන්ධන ලබාදීම ආරම්භ වූ පසු වාහන අංක තහුවේ අවසන් අංකයට අනුව සෑම වාහනයකට ම ඉන්ධන ලබාගත හැකි ‍දින දෙකක් වෙන්කර ඇත. එමෙන් ම එක් සතියක  දී එම වාහනයට ලැබෙන්නේ නිශ්චිත ඉන්ධන ප්‍රමාණයකි.

වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගත හැකි දින මෙසේ දක්වා ඇත.

0, 1, 2       – සදුදා, බ‍්‍රහස්පතින්දා
3, 4, 5       – අගහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9  – බදාදා, සෙනසුරාදා, ඉරිදා

Related articles

error: Content is protected !!