30 C
Galle

තෙල් මිල අද රාත්‍රී සිට අඩු කරයි

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් මිල අද (17) රාත්‍රී 10.00 සිට අඩු කිරීමට තීරණනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් අඩු කරන බැවින් එහි නව මිල රුපියල් 450.00කි

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10.00කින් පහත හෙළන අතර එහි නව මිල රුපියල් 540.00කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 20.00කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 440.00කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00කින් පහත දමන අතර එහි නව මිල රුපියල් 510.00ක් වෙයි.

මේ අතර ලබන 21 වැනි දා සිට ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුදු ඩීසල් පාරිභෝගිකයන් ලෙස හිගයකින් තොරව අඛණ්ඩව බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!