30 C
Galle

දියණියගේ මෝල්ගස් පහරින් මව මියයයි

Published:

මවගේ හිසට මෝල් ගහකින් පහර දී ඝාතනය කළේ යැයි සැකපිට මානසික ආබාධයක් සහිත දියණියක අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ ‍බේස්ලයින් මාවත, සිංහපුර මහල් නිවාසවල පදිංචිව සිටි මොහොමඩ් ජැස්මින් නමැති 65 හැවිරිදි කාන්තාවකි.

එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අඩි තුනක් පමණ දිගැති මෝල් ගසක් සමඟ මියගිය කාන්තාවගේ 38 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය මව එම දියණිය සමඟ නිවසේ පදිංචිව සිටි බවත් තම 06 හැවිරිදි දියණියට මව විසින් පහරදුන්නා යැයි උරණ වී මවට මෝල් ගසෙන් පහර දී ඇතැයි ද පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව නිවස තුළම මියගොස් සිටි බව ද පොලිසිය කියයි.

සැකකාරිය මානසික ආබාධයක් හේතුවෙන් රෝහලක නතරවී ප්‍රතිකාර ලබා දින කිහිපයකට පෙර නිවසට පැමිණ සිටි බව ද පොලිසිය බවසයි. ඇය ප්‍රතිකාර සඳහා රෝහල්ගත ව සිටිය දී ඇයගේ දරුවන් රැකබලාගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ මව විසිනි.

Related articles

spot_img
error: Content is protected !!