30 C
Galle

සැමියා සහ බිරිඳ නූපන් දරුවාත් සමඟ ම අවසන් ගමන් යති

Published:

බුත්තල, කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයක ගැටීමෙන් ගැබිනි කාන්තාවක් සහ ඇගේ සැමියා මියගොස් ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

වැල්ලවාය, මොණරාගල ප්‍රධාන මාර්ගයේ පා ගමනින් යමින් සිටි ඔවුන් දෙදෙනා එම රථයේ ගැටී ඇත. පොලිසිය පවසන්නේ මියගිය කාන්තාව තවත් දින දෙකකින් සිය දරුවා ප්‍රසූත කිරීටම සූදානමින් සිටි බවයි.

ඔවුන් දෙදෙනා අනතුරට ලක්කරමින් වෑන් රථය නොනවත්වා ම ධාවනය කර ඇති අතර එය පසුව කුකුරන්පොළ ප්‍රදේශයේ සඟවා තිබිය දී ‍සොයාගෙන ඇත.

සැකකාර රියාදුරා වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් වැල්ලවාය – මොණරාගල පධාන මාර්ගය කුඩාඔය ප්‍රදේශයේන අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි. මාර්ගයේ රථ වාහන ධාවනය ද සම්පූර්ණයෙන් ම ඇණහිට ඇත.

Related articles

spot_img
error: Content is protected !!