27.7 C
Galle

රනිල්ට එරෙහි පෙත්සම විසි කරයි

Published:

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාගේ මන්ත්‍රී ධූරය ‍අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු ‍කළේය.

ගාමිණී අමරසේකර, ශිරාන් ගුණනරත්න සහ ජනක් ද සිල්වා යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදෙන ලදී.

වගඋත්තරකරු රනිල් වික්‍රමසිංංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ විරෝධතා සැළකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගන්නා බව ද එම විනිසරු මඩුල්ල කියා සිටියේය.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් එම පෙපත්සම ඉදිරිපත් කර තිබිණි.

Related articles

error: Content is protected !!