29.4 C
Galle

ඉන්ධන ලැබෙන දින වෙනස් වෙයි

Published:

වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබාදීම ජූලි 21 වැනි දින සිට ක්‍රියාත්මක වන බවත් QR කේතය අනුව ඉන්ධන ලබාදීම නියමු ව්‍යාපෘතිය් ලෙස ජූලි 21 සිට 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයක පමණක් ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශකත් අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එම නියමු ව්‍යාපෘතියෙන් QR කේතය අනුව ඉන්ධන ලබාගැනීමේ ක්‍රමය ජූලි 25 වැනි දා සිට දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජූලි 21 වැනි දා සිට පහත සඳහන් ආකාරයට එම අදාල දිනයන්හි ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි.

0,1,2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 – සඳුදා, බදාදා සහ සිකුරාදා

Related articles

spot_img
error: Content is protected !!