29.4 C
Galle

මව විසින් ළිඳට දැමූ දැරියගේ ජීවිතය, පාසල් සිසුන් දෙදෙනකු පැන බේරාගනී

Published:

මව විසින් සිය දියණිය ළිඳකට තල්ලුකර දමා තිබිය දී පාසල් සිසුන් දෙදෙනකු ළිඳට පැන දැරිය බේරාගෙන ඇතැයි කරන්දෙණිය පොලිසිය කියයි.

මෙලෙස දිවි ගලවාගෙන ඇත්තේ කරන්දෙණිය කිරිනුගේ පදිංචි කුෂිනි ශෙහාරා නමැති තුන් හැවිරිදි දැරියකි.

එම දැරියගේ මව අද (19) උදෑසන සිය දියණිය ළිඳට විසිකර දමා ඇය ද ළිඳට පැන සියදිවි නසා ගැනීමට සූදානම් වී ඇත. මේ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පාසල් සිසුන් දෙදෙනකු වන ලක්ෂාන් හා රොෂාන් කුමාර යන දෙදෙනා ළිඳට පැන එම කුඩා දැරිය බේරාගෙන ඇත.

පොලිසිය පවසන්නේ දියණිය ළිඳට දමා තමන් ද ළිඳට පැන සියදිවි නසාගැනීමට තැත් කළ මව අත්අඩංගුවට ගත් බවයි. ළිඳට දැමූ දැරිය මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

දැරිය බේරාගෙන මවගේ සියදිවි නසාගැනීම ද වැළැක්වූ සිසුන් දෙදෙනා කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ ඉගෙනුම ලබති.

Related articles

spot_img
error: Content is protected !!