27.7 C
Galle

ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණය ඇරඹෙයි

Published:

මෙරට ඉතිහාසයේ පළමුවරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා ඡන්දවිමසීමට අද (20) මීට සුළුවේලාවකට පෙර පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ විය.

ජනතාව විසින් බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශගත වී සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීෆමන් පසු ව්‍යවස්ථාවට අනුකූලව ඊයේ (19) අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය සඳහා නාමයෝජනා කැඳවිණි.

ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන තිදෙනා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස නාම යෝජනා ඉදිරිපත් කර ඇති අතර එම නාමයෝජනා තුනම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් පිළිගනු ලැබීය.

අපේක්ෂකයන් එක් අයකුට වැඩි ගණනක් සිටින බැවින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙයි. පාර්ලිලමේන්තු මහ ලේකම්වරයා මෙම ඡන්දයේ තේරීම්භාර නිලධාරීවරයා ලෙස කටයුතු කරන අතර කතානායකවරයා ද මෙහි දී ඡන්දය භාවිතා කරනු ලබයි.

Related articles

error: Content is protected !!