27.7 C
Galle

ජනාධිපතිවරයා තේරීමට ගණන් කරන්නේ ඡන්ද 219

Published:

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැති මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමේ ඡන්ද ගණනය කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ.

මන්ත්‍රීවරු දෙදෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි අතර ප්‍රකශ කරන ලද ඡන්ද 223 අතරින් ඡන්ද 04ක් අවලංගු ඡන්ද බවට පත්ව තිබිණි. ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව වන්නේ 219කි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට නම් එක් අපේක්ෂකයකු අවම වශයෙන් ඡන්ද 110ක් ලබාගත යුතුව ඇත. කිසිදු අපේක්ෂකකුට ඡන්ද 101ක් ලබාගත නොහැකි වුවහොත් දෙවැනි මනාපය ගණන් කිරීම සිදුවෙයි.

ඡන්ද ගනනය කිරීම ආරම්භබ වූ මොහොතේ පටන් මන්ත්‍රීවරු සිය අසුන්වලින් නැගිට සිදුවන දේ ගැන විශාලඋනන්දුවකින් බලා සිටි අතර කතානායකවරයා කිහිප අවස්ථාවක දී ම මන්ත්‍රීවරුන්ට සිය අනුස්වල වාඩිවන ලෙස ද ඉල්ලීම් කළේය.

Related articles

error: Content is protected !!