27.7 C
Galle

ඉන්ධන බෙදීමේ QR ක්‍රමය ගැන රක්ෂණ සංගමයෙන් පැහැදිළි කිරීමක්

Published:

ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්ෂණය සම්බන්ධ ගැටලු ඇතිවේ යැයි ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශය සාවද්‍ය බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පවසයි.

ඊයේ (19) ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ සංගමය කීවේ ඉන්ධන පිරවුම්හල්වල ජංගම දුරකථන භාවිතා කිරීම වරදක් බවට රක්ෂණ සමාගම් විසින් ඔවුන්ට දැනටමත් මේ සම්බන්ධ විරෝධය දක්වා ඇති බවයි.

එයි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ප්‍රකාශයක් බවත් දැනටමත් බැංකු කාර්ඩ්පත් මගින් මුදල් අයකරන යන්ත්‍රය ද ජංගම දුරකථනයේ තාක්ෂණය අනුව ක්‍රියාත්මක වන බවත් rata.lk අපි පැහැදිළි කළෙමු. එම ලිපිය මෙතැනින්.

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පවසන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ කිසිදු ආයතනයක් විසින් ඉන්ධන පිරවුම්හල් හිමියන් කිසිවෙකුට එවැනි දැනුම් දීමක් කර නැති බවයි. එම QR කේත ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් රක්ෂණ ආවරණයට බලපෑමක් නොවන බව ද එම සංගමය පවසයි.

Related articles

error: Content is protected !!