28.4 C
Galle

ණය සඳහා සහන දෙන්න යැයි මහ බැංකුවෙන් දැනුම් දීමක්

Published:

ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ගෙවාගත නොහැකිව අපහසුතාවට පත්ව සිටින පුද්ගලයන් සඳහා මාස 06ක ණය සහන කාලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර ලාභී බැංකුවලින් ඉල්ලීමක් කර තිබේ.

එම සහනය ලබා දීම ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව සිදුකරන ලෙස ද දැනුම් දී ඇත.

විශේෂයෙන් ම සංචාරක ක්ෂේත්‍රයට සහ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට සහන සැළසීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරරණයකට අනුව මෙම ඉල්ලීම කරන බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related articles

error: Content is protected !!