26.7 C
Galle

පාසල් සිසුන් දෙදෙනකු වැවක ගිලි මරුට

Published:

පේරාදෙණිය, නෙල්ලිගල වැවේ ඊයේ (20) සවස දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 සහ 18 වයස්වල පසුවන සිසුන් දෙදෙනෙකි. පේරාදෙණිය පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා මහනුවර යටගලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

අද (21) ඔවුන් දෙදෙනාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!