28.4 C
Galle

රනිල්, මාධ්‍යයට පාඩමක් උගන්වයි

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (20) තමන්ගෙන් ප්‍රශ්නයක් ඇසූ විදෙස් මාධ්‍යවේදියකුට එවැනි ප්‍රශ්න අසන්න එපා යැයි අවවාදාත්මක උපදෙසක් දුන්නේය.

ශ්‍රී ලංකාවට පැමිණ සිටි එම විදෙස් මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ඔහු රාජපක්ෂගේ මිතුරකු නේද යනුවෙනි. එහි දී ජනාධිපතිවරයා “මාධ්‍යවේදියකු වුණාම ගැඹුරින් අධ්‍යයනය කරලා එන්න මේ වගේ ප්‍රශ්න අහන්න එපා. ඔයා අද ඇවිල්ලා කියනවා මගේ මිතුරන් කියලා” යනුවෙන් පිළිතුරු දුන්නේය.

එම සංවාදය පහතින්

මාධ්‍යවේදියා – ජනාධිපතිතුමනි, ජනතාව කියනවා වෙනසක් ඕනේ කියලා ඔබ රාජපක්ෂලගේ මිතුරෙක් නේද ? එතකොට කොහොමද වෙනසක් වෙන්නේ ?

ජනාධිපතිවරයා – රාජපක්ෂලා කොහොමද මගේ මිතුරන් වෙන්නේ. මම හැමදාම හිටියේ ඔවුන්ට විරුද්ධව. ඔයා අද ඇවිල්ලා කියනවා මගේ මිතුරන් කියලා. මම විශේෂයෙන් දෙයක් කියන්නම්. මාධ්‍යවේදියෙක් වුණාම ගැඹුරින් අධ්‍යයනය කරලා එන්න. මේ වගේ ප්‍රශ්න අහන්න එපා.

මාධ්‍යවේදියා – ඔබ රාජපක්ෂලගේ මිතුරෙක් නෙවෙයි ද ?

ජනාධිපතිවරයා – මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක්.

Related articles

error: Content is protected !!