26.7 C
Galle

බෝ්ට්ටුවක් පෙරැළී ධීවරයෙක් අතුරුදන්

Published:

දැඩි සුළඟට හසුව පෙරැළී ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් දෙදෙනකු තවත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇතැයි ද එක් අයකු අතුරුදන්ව ඇතැයි ද පොලිසිය කියයි.

අතුරුදන්ව ඇතතේ තලෙයිමන්නාරම නැගෙනහිර පදිංචි රාසතුරෙයි රාජසේකර් නමැති 52 හැවිරිදි අයෙකි. අනතුරට පත්ව දිවිගලවාගත් දෙදෙනා අවුරුදු 27 සහ 50 වයස්වල පසුවන බව ද පොලිසිය කියයි.

ඔවුන් අනතුරට පත්ව ඇත්තේ තලෙයිමන්නාරම ආසන්න මුහුදු තීරයේ දී ය.

දඩි සුළං තත්වය හේතුවෙන් පෙරැළී ගිය ධීවර යාත්‍රාවේ එල්ලී සිටි මෙම ධීවරයන් දෙදෙනා වෙනත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන කච්චතිව් දූපට ගෙනගොස් ඒ බව නාවික හමුදාවට දැනුම් දී තිබිණි. නාවික හමුදාව විසින් ඔවුන් දෙදෙනා රැගෙන විත් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලයට බාරදීමෙන් අනතුරුව රෝහලගත් කර ඇත.

අතුරුදන් වූ ධීවරයා සොයා නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!