28.4 C
Galle

සමගි ජන බලවේගයේ කොටසක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ?

Published:

ඉදිරි දින දිහිපයේ දී පිහිටුවන සර්ව පාක්ෂක ආණ්ඩුවට සමගි ජන බලවේගයේ සැළකිය යුතු පිරිසකගේ සහය ලැබෙන බවත් ඔවුන්ටත් වගකීම් පැවරෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊයේ (20) පැවැති ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 15-20ක් පමණ ප්‍රමාණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබාදුන් බවයි. එම පිරිස ඉදිරි සර්ව පාක්ෂික ආණ්ඩුවේ දී ද ජනාධිපතිවරයාට සහය දීමට නියමිත බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ තත්වය සජිත් ප්‍රේමදාස‍ගේ විපක්ෂ නායක ධූරයට ගැටලුවක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. ඔවුන් පවසන්නේ සමගි ජන බලවේගයේ 15 දෙනකු පමණ සර්ව පාක්ෂිික ආණ්ඩුවකට සහය දෙන්නේ නම් විපක්ෂයේ වැඩි පිරිසක් සිටින පක්ෂයකට හෝ කණ්ඩායමකට විපක්ෂ නායක ධූරය හිමිවනු ඇති බවයි.

Related articles

error: Content is protected !!