28.4 C
Galle

ජනාධිපති ලේකම් ධූරයට සමන් ඒකනායක

Published:

ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක ජනාධිපතිවරයා වසිින් පත්කර තිබේ.

අවස්ථා හතරක දී අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති සමන් ඒකනායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති සමන් ඒකනායක මහතා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත. ඔහු වසර 30ක් ඉක්මවූ සිය පරිපාලන සේවාවේ දී යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයන් හි සේවය කර ඇති අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා‍ ලෙස 04 වතාවක් කටයුතු කර ඇති පළපුරුදු නිලධාරියෙකි.

Related articles

error: Content is protected !!