බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්විමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගත් ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී අමාත්‍යධූරයකට ද පත්විය. ඔහු අමාත්‍යවරයකු වූ පසු පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමක දී කැසිනෝ සහ සූදු බදු අය කරගැනීමට එවකට අගමැති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිිරිපත් කිරීමත් සමඟම රටේ ආර්ථිකය ගොඩනැගීමට රනිල්ට නොහැකියැයි ධම්මික පෙරේරා චෝදනා කළේය.
පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහකිරමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ ධම්මික පෙරේරා අමාත්‍යවරයාට යටතේ තිබූ විෂයයන් කිහිපයක් වෙනස් කළේය. ඊයේ (20) ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීම අවස්ථාවේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ධම්මික පෙරේරා රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරන ආකාරය ද දැකගත හැකිවිය.
එම ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූයේය. සවස ඔහු ගංගාරාම විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී ධම්මික පෙරේරා විහාර භූමියේ ද රැඳී සිටින ආකාරය මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන්ව තිබිණි. ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.


