ඕනෑම කෙනෙකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රට ඉතාමත් ඉහළ ගුණාංගයකි. මේ රත්නපරය නගරයේ වට රවුමක ඊයේ (20) දක්නට ලැබුණු දර්ශනයයි.
රනිල් වික්‍රමසිංහට එරෙහිව අරගලකරුවන් විසින් මේ වටරවුමේ රනිල්ට විරෝධය ප්‍රකාශ කරන පුවරු සවිකර ඇත. එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක්, වට රවුමේ කොළ පැහැති කොඩි සවිකර රතිඤ්ඤා පත්තුකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීම ගැන තම සතුට ප්‍රකාශ කළහ.
එකම තැනක දී තම දේශපාන මත දෙකක් ප්‍රකාශයට පත්කිරීමට හැකිවීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් බව විචාරකයෝ කියති.
ඡයාාරූපය – කළු පුෂ්පය (Black Flower) Facebook පිටුවෙනි


