26.7 C
Galle

“මම පිළිකා රෝගියෙක්” ඇමෙරිකා ජනාධිපති කියයි

Published:

තෙල් පිරිපහදු සහ ගල් අඟුරු කම්හල් නිරීක්ෂණයට ගිය ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඒවායින් විෂ පිටවන බව ජනතාව කියද්දී තමන් ද පිළිකා රෝගියකු යැයි අනාවරණය කළේය.

මේ ප්‍රකාශය ඔහු තම ට්විටර් ගිනුමටත් එක්කර ඇති අතර මේ වනවිට එම ප්‍රකාශය ලොව ඉතාමත් වේගයෙන් සංසරණය වන සමාජ මාධ්‍ය පළකිරීමක් බවට පත්ව තිබේ.

අතහැර දමා තිබූ ගල් අඟුරු පතල් පරීක්ෂා කිරීමට ගිය ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකිරීමත් සමඟ මාධ්‍ය ඔහුගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීටම පටන් ගෙන තිබේ. ඒ සම්බන්ධයේන පැහැදිලි කිරීමක් ද සිදුකිරීමට ධවල මන්දිරයට සිදුව ඇත.

ධවල මන්දිරය පවසන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරඟ කිරීමට පෙරප එම පිළිකාවට නිසි ප්‍රතිකාර ගෙන එය මර්ධනය කර තිබූ බවයි.

https://www.ndtv.com/world-news/us-president-joe-bidens-i-have-cancer-remark-stuns-twitter-white-house-clarifies-3179306

Related articles

spot_img
error: Content is protected !!