28.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ ප‍ොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 15.99 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,289 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 24කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,736ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 255
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 172
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 152

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 31
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 4.5
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 3.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ෆාර්ම් ගාර්ඩ්න් හෝටල් සමාගම 19%
  • සිලෝන් බෙවරේජ් සමාගම 18%
  • එච්එන්බී ෆිනෑන්ස්  (X) සමාගම 15%

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩ්ලින්ස් සමාගම කොටස් මිලියන 1.39ක් රුපියල් 120.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 351
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 166

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 21ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 20 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ පොළට අද එකතු කර තිබේ

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12
  • බොගවන්තලාව වැවිල සමාගම රුපියල් මිලියන 1.2
  • හැටන් වැවිලි සමාගම රුපියල්  මිලියන 0.9

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සීඩබ්ලිව් මැකී සමාගම රුපියල් මිලියන 5.1
  • එක්ස්පෝ ලංකා  සමාගම රුපියල් මිලියන 4.8
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 3.1

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!