28.4 C
Galle

ආරක්ෂක අංශ මාධයවේදීන්ටත් පහර දෙයි (වීඩඩියෝ සහිතයි)

Published:

ගාලු මුවදොර විරෝධතා පැවැත්වෙන ස්ථානයට පිවිසෙන සියලුම මාර්ග අවහිර කළ යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගුවන් හමුදා බට පිරිස් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට පහර දී ඇතැයි වාර්තා වේ.

මාධ්‍යවේදීන් කිහිප දෙනකු ඔවුන්ගේ අත්අඩංගුවට ද ගෙන ඇති බව එහි සිටින අනෙකුත් සහෝදර මාධ්‍යවේදීන් පවසයි.

බීබීසී මාධ්‍යවේදි ජෙරින් සැමුවෙල්ට ආරක්ෂක හමුදා විසින් පහර දී ඇතැයි පැවසෙන අතර මාධ්‍යවේදීන් වන චතුරංග ප්‍රදීප් කුමාර් සහ කසුන් කුමාරගේ අත්අඩංගුවට ගෙන ඇත. එක්සපෝෂර් ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදීන් දෙදෙනකු වන රසික ගුණවර්ධන සහ ෂබීර් මොහොමඩ් යන දෙදෙනාට ද ආරක්ෂක අංශ විසින් පහර දී තිබේ.

මාධ්‍ය‍වේදීන්ට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින් දක්වා ඇත.

Related articles

error: Content is protected !!