27.2 C
Galle

පොලිස් ස්ථානාධිපතිවරයෙක් මියයයි

Published:

පොලිස් ස්ථානාධිපතිවරයකු හදිසියේ ම මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර මීගහතැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ජගත් ආරියවංශ නමැති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. 58 වැනි වියේ පසු වූ ඔහු වීරකැටියේ පදිංචි තිදරු පියෙකි.

ඊයේ (21) රාජකාරී කටයුත්තක් සඳහා ගොස් නැවත පොලිසිය වෙත පැමිණෙමින් සිටිය දී ඇති වූ හදිසි ‍රෝගී තත්වයක් හේතුවෙන් මීගහතැන්න ‍දිසා රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිසය පවසයි.

දේහය නාග‍ොඩ රෝහලට ගෙන ගොස් ඇති අතර අද (22) හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!