27.4 C
Galle

නව අමාත්‍ය මණ්ඩලය

Published:

කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙක් අද (22) දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ. පසුගිය ඇමති මණ්ඩලයේ සිටි ජී.එල්.පීරිස් සහ ධම්මික පෙරේරා දෙදෙනාට ඇමතිධූර හිමිවූයේ නැත.

එම අමාත්‍යවරු පහත සඳහන් පරිදි වෙයි

  1. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
  2. ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
  3. සුසිල් ප්‍රේමජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය
  4. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
  5. කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය, ජල සම්පාදන අමාත්‍ය
  6. මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
  7. විජේදාස රාජපක්ෂ – අධිකරණ, බනධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
  8. හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
  9. රමේෂ් පතිරණ – වැවිළි කර්මාන්ත අමාත්‍ය, කර්මාන්ත අමාත්‍ය
  10. ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය
  11. එම්.යූ.එම්.අලි සබ්‍රි – විදේශ කටයුතු අමාත්‍ය
  12. විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
  13. කංචන විජේසේකර – විදුලිබල සහ බලශක්ති අමාත්‍ය
  14. නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
  15. රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය, වාරිමාර්ග අමාත්‍ය
  16. මනූෂ නානායක්කාර – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය
  17. ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
  18. නලීන් ප්‍රනාන්දු – වෙළෙඳ වාණිජ කටයුතු සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

Related articles

error: Content is protected !!