27.2 C
Galle

දකුණට අලුත් ප්‍රාදේශීය සභාවක් පිහිටුවයි

Published:

දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රාදේශීය සභාවෙන් කොටසක් වෙන්කර එය මාදම්පාගම ප්‍රාදේශීය සභාව ලෙස අලුතෙන් ස්ථාපිත කිරීමට දකුණු පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීමට දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් දකුණු පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර ඇත. එම අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිෂන්ත ඩබ්ලිව්.‍මහේන්ද්‍ර පවසන්නේ මේ සඳහා ප්‍රදේශයේ මහජනතාවගෙන් සහ සිවිල් සංවිධානවලින් අදහස් සහ යෝජනා ලබාගන්නා බවයි.

එම යෝජනා එම කමිටුවට ලිඛිතව හෝ රත්ගම ප්‍රාදේශීය සභාවේ මාදම්පාගම උප කාර්යාලයට පැමිණ වාචිකව හෝ ඉදිරිපත් කරන ලෙස ද කමිටුව සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!