27.2 C
Galle

ගාලු නීතිඥයෝ, ප්‍රහාරය හෙළා දකිමින් උද්ඝෝෂණයේ

Published:

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටි අරගලකරුවන් පිරිසක් අද (22) අලුයම අමානුෂික ලෙස ඉවත්කිරීම සම්බන්ධයෙන් වි‍රෝධය දක්වමින් ගාලු නීතිඥයෝ විරෝධතාවක නිරත වූහ. එමෙන්ම මාධ්‍යවේදීන්ට පහරදීම ද දැඩි ලෙස හෙළා දකින බව ද ඔවුන් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිිත කරනු, රට අරාජික නොකරනු යනුවෙන් සඳහන් කරමින් ගාලු නීතිඥයෝ අද (22) දහවල් ගාල්ල උසාවි සංකීර්ණය අසළ මෙලෙස උද්ඝෝෂණයේ යෙදුණහ.

ඔවුන් පවසන්නේ සාමකාමී උද්ඝෝෂණයේ යෙදීමට සියලු පුරවැසියන්ට නිදහසක් තිබිය යුතු බවයි. එමෙන් ම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කළ යුතු බව ද ඔවුහු කියති.

Related articles

spot_img
error: Content is protected !!