27.2 C
Galle

ෂෙඩ් එකේ තෙරපීමෙන්, පුද්ගලයෙක් මරුට

Published:

මතුගම, පැලවත්ත ඉන්ධන පිරවුම්හළක පෝලිමේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වලල්ලාවිට අවිත්තාවේ පදිංචි පී. ඒ. ගුණසිරි නමැති 65 හැවිරිදි පුද්ගලයෙකි.

බුලිවලට ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පෝළිමේ සිටියදී ඇතිවූ තෙරපීමක ්සමඟ ඔහු සිහිසුන්ව ඇඳ වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පසුව රෝහල්ගත කළ ද ඔහු මියගියේය.

මෙම ඉන්ධන පිරවුම්හලේ, ඉන්ධන නිකුත් කිරීමේ දී රජය විසින් නියම කර ඇති ක්‍රමවේදය ක්‍රියාත්මක වී නැත.

Related articles

spot_img
error: Content is protected !!