27.4 C
Galle

ගාලු මුවදොර පහරදීමට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ

Published:

ජනාධිපති ලේකම් කාර්යාලය තුළට ඇතුළු වී එහි සිටි අරගලකරුවන් පිරිසක් පළවාහැරීමට පොලිසිය සහ හමුදාව එක්ව අද (22) අලුයම දියත් කළ මෙහෙයුමට විරෝධය දක්වමින් ගාල්ල නගරයේ අද සවස උද්ඝෝෂණයක් පැවැත්විණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන බවත් ජනතාවට නිදහසේ සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිකරන බවත් පවසමින් ඔවුන් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මේ උද්ඝෝෂණය පැවැත්වූහ.

ගාල්ල දුම්රියස්ථානය අසළින් විරෝධතා කරුවන් පෙළපාලියක් ආරම්භ කර සටන් පාඨ කියමින් නගරයේ සැරි සැරූහ.

Related articles

error: Content is protected !!