27.4 C
Galle

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

Published:

ජනාධිපති ලේකම් කාර්යාල තුළ රැඳී සිටි පුද්ගලයන් අද (22) අලුයම ඉවත්කරන අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපළවලට අනර්ථය සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔවුන්ට චෝදනා ගොනුකර තිබිණි. එම චෝදනා සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා නීතිඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනා රුපියල් 10,000.00ක බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කළේය.

Related articles

error: Content is protected !!