ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ දී ඔහුට සහය දැක්වූ ජී.එල්.පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම, පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ තවත් පිරිසක් මෙලෙස වෙනම කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඩලස් අලහප්පෙරුමට එක්වන මන්ත්‍රීවරු අතර ජී.එල්.පීරිස්ට අමතරව, චරිත හේරත්, චන්න ජයසුමන, නාලක ගොඩහේවා ඇතුළු 16 දෙනකු පමණ සිටින බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැළසුම් කර ඇති බැවින් එම ආණ්ඩුවේ තනතුරු බාර ගැනීමට සමගි ජන බලවේගයේ පිරිසක් සූදානම්ව සිටියි.
එසේ වුවහොත් විපක්ෂ නායක ධූරය සඳහා ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කිරීමට ද ඔහු සමඟ කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ සැළැස්ම වී තිබේ.


