27.4 C
Galle

මගියකුගේ පා පහරින්, දුම්රියෙන් පිටතට වැටුණු ආරක්ෂකයෙක් මරුට

Published:

දුම්රිය ආරක්ෂක නිලධාරියකුට මගියකු එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් දුම්රියෙන් ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, ඉහළයාගොඩ පදිංචි ෂර්ලි ලක්ෂ්මන් දිසානායක (52) නමැති දෙදරු පියෙකි.

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ඔහු මෙලෙස ඇද වැටී ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

දුම්රිය මගීන් දෙදෙනකු මත්පැන් පානය කරමින් සිටින බව දැන එහි පැමිණි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සහ එම මගීන් දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී තිබේ. එම අවස්ථාවේ දී එක් මගියකු මියගිය ආරක්ෂක නිලධාරියාට පා පහරක් එල්ල කර ඇත.  ඒ සමඟම ආරක්ෂක නිලධාරියා විසි වී ගොස් දුම්රියෙන් පිටතට වැටී ඇතැයි ද මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා මීරිගම දුම්රිය ස්ථානයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

error: Content is protected !!