27.4 C
Galle

රනිල්ගෙන් ඇමෙරිකානු තානාපතිට පාඩමක්

Published:

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පුද්ගලයන් පොලිස් සහ හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රශ්න කළ විදෙස් තානාපතිවරුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරුණු පැහැදිළි කර තිබිණි.

ඊයේ (22) අලුයම ඇති වූ සිද්ධියෙන් පසු තානාපතිවරු කිහිප දෙනකුම සිය අප්‍රසාදය පළකර තිබිණි. මේ අතර ඇමෙරිකානු තානාපති ජූලිි චන්ග් ද ජනාධිතිවරයා හමු වී පුද්ගලිකව ම සාකච්ඡා කර තිබිණි. ට්විටර් පණිවිඩයක් ද නිකුත් කළ ඇය කියා සිටියේ යහපත් අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට වගකීමක් ඇති බවයි.

ඇමෙරිකා තානාපතිනියට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මන් සහ කැනඩා තානාපතිවරු මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිතයන් ද ජනාධිපති හමුවී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය යනු මෙරට රාජයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල බවයි. ඓතිහාසික වශයෙන් ද ඉතාමත් වැදගත් ස්ථානයක් වන එහි තිබූ වැදගත් ලිපිලේඛන පවා මේ වනවිට අස්ථානගත වී ඇතැයි ද ජනාධිපතිවරයා කියා තිබේ.

විරෝධතා කරුවන්ට ඉන් ඉවත්වන්න යැයි අවස්ථා කිහිපයක දී ම පූර්ව දැනුම්දීමක් කර තිබූ අතර 21 වැනි දින රාත්‍රී 12.00ට පෙර ඉවත්වන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් දින 12ක් පුරා විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය කල් දමමින් පසු වූ බව ද ජනාධිපතිවරයා විදෙස් නියෝජිතයන්ට පෙන්වා දී තිබිණි. ඔවුන් ඉවත්නොවීම හේතුවෙන් පොලිසිය සහ හමුදාව යොදා ඉවත්කිරීමට කටයුතු කළ බව ද රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

ඇමෙරිකානු තානාපතිනිය හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ඇයට සිහිපත් කර ඇත්තේ ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල සහ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන්ගෙන් මුදාගැනීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ ද කටයුතු කරනු ලැබුවේ එ් ආකාරයට බවයි.

තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අරගලකරුවන් පුද්ගලික නිවස ගිනිතබා විනාශ කළ බවත් එම අවස්ථාවේ දී කිිසදු පාර්ශවයක් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම ගැන ද විමතියට පත්වන බවත් ඔහු කියා ඇත.

Related articles

error: Content is protected !!