27.4 C
Galle

කැති ප්‍රහාරයකින් ස්ථානාධිපති ඇතුළු දෙදෙනකුට බරපතල තුවාල. සැකකරුට වෙඩි

Published:

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ගිය පොලිස් නිලධාරීන් සහ තවත් පුද්ගලයකු අතර ඇති වූ ගැටුමකින් පිටිගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර සිටිති.

පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයකු තියුණු ආයුධයකින් පහර දීමෙන් බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ට පහරදුන් බවට සැකකරන පුද්ගලයා වෙඩි වැදී තුවාල ලබා සිටියි.

මිනී මැරුම් සහ ස්ත්‍රී අපයෝජන සම්බන්ධ චෝදනා ලැබ සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට පොලිස් නිලධාරීන් එම සැකකරු සොයා ගිය අවස්ථාවේ දී ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාට සහ කොස්තාපල්වරයාට කැත්තකින් පහර දී තුවාල සිදුකර ඇතැයි පොලිසිය පවසයි. එම ප්‍රහාරය පිළිබඳ දැනගැනීමත් සමඟ තවත් පොලිස් කණ්ඩායමක් එහි යන විට සැකකරු ඔවුන්ට ද පහර දී පළා යාමට උත්සාහ ගත් අවස්ථාවේ දධී වෙඩි  තබා ඇත.

ඇල්පිටිය රෝහලෙන් මේ පිළිබඳ විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ වෙඩි වැදුණු සැකකරු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවයි.

Related articles

error: Content is protected !!