27.4 C
Galle

සර්ව පාක්ෂික ආණ්ඩුවට සැළැස්ම මෙන්න. සෑම පක්ෂයකටම ඇමති ධූර බෙදයි

Published:

පාර්ලිමෙන්තුව නියෝජනය කරන සෑඹ පක්ෂයක් සමඟ ම සාකච්ඡා කර නිශ්චිත කාල රාමුවක් තුළ සැළසුම් සහගත වැඩපිඵි‍ළිවෙලකට එකඟ වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටත් සෑම පක්ෂයකට ම අවම වශයෙයන් එක් කැබිනට් අමාත්‍යධූරයක් හෝ ලබා දීමටත් රජයේ අවධානනය යොමුව තිබේ.

ඒ අනුව කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30ක් වනු ඇත. ඊට අමතරව රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූර 30ක් ද ඇතිකිරීමට නියමිතය.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ විවිධ විෂයයන්වලට අදාල වගකීම් ඒ ඒ පක්ෂවලට පැවරීමටත් සාකච්ඡා වෙමින් පවතී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ලබන 27 වැනි දා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනදිවුරුම් දීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු කැබිනට් අමාත්‍යධූරයක ද දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයට ලැබෙන එකම අමාත්‍යධූරය වන්නේ එම අමාත්‍යධූරයයි.

Related articles

error: Content is protected !!