27 C
Galle

රාජ්‍ය සේවයට පැමිණීම තවදුරටත් සීමා කරයි

Published:

රජයේ කාර්යාල වෙත නිලධාරන් කැඳවී තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර ඇත.

එහි සඳහන් කර ඇත්තේ රජයේ කාරයාලවෙත නිලධාරීන් සීමා කරමින් මිට පෙර නිකුත් කළ චක්‍රලේලඛ විධිවිධාන අද (24) දින සට එතැන් සිට ඉදිරියට මාසයක කාලයක් සඳහා තවදුරටත් දීර්ඝ කරනු ලබවයි.

ඇතැම් නිලධාරීන් සේවයට වාර්තාකළ හැකිව තිබිය දී එම ‍චක්‍රලේඛය අවභාවිතා කරමින් සේවයට වාර්තා නොකර සිටීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් සොයා බැලිය යුතු බව ද මෙම නව චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩල කැඳවීමට මෙම චක්‍රලේඛයේ විධිවිධාන බාධාවක් නොවන බව ද ඔන්ලයින් ක්‍රමයට හෝ රාජකාරී කළ යුතු බව ද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!