බලයෙන් පහකිරිමෙන් පසු සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නිතිපපතිවරයා වෙත අපරාධ චෝදනා සහිත පැමිණිල්ලක් ගොනුකර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අතරතුර දී ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මෙලෙස චෝදනා ගොනු කර ඇත. ඔවුන් පවසන්නේ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් ඔහු ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.
චෝදනා ගොනුකර ඇති “ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය” නම් එම සංවිධානය දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානයකි.


