26.5 C
Galle

ජනපති මැදුරේ පිත්තල බෝල ගැලවූ තිදෙනකු අත්අඩංගුවට

Published:

ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි ජනෙල් තිර රෙදි එල්ලීමට බිත්තිවල සවිකර තිබූ පිත්තල බෝල 40ක් සොරකම් කළ තිදෙනකු ඊයේ (24) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔවුන් පසුගිය ජූලි 09 වැනි දා ජනාධිපති මන්දිරයට ඇතුළු වී මේ භාණ්ඩ සොරකම් කරගෙන පැමිණ ඇත. එම පිත්තල බෝල පැරණි භාණ්ඩ ලෙස අළෙවි කිරීමට කටයුතු කරමින් සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ රාජගිරය ඔබේසේකරපුර පදිංචි මෙම සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 28,34 සහ 37 වයස්වල පසුවන බවයි. ඔවුන් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ අය බව ද පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!