26.5 C
Galle

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දිගු වෙයි

Published:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝබර් 26 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අද (25) කොළඹම අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ නියෝග කළේය.

මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි කිරීමේ දී වංචාවක් සිදුකරන ලදැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මෙම චෝදනා ගොනු කරමින් පුද්ගලික පැමිණිල්ලක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.  

හිටපු මහ බැංකු අධිපතිවරයා සාපරාධි විස්වාසය කඩ කිරීම, බැංකු කරුවෙකු විසින් සිදු කරණු ලබන සාපරාධි විශ්වාසය කඩ කිරීම, මුදල් වංක ලෙස හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, 1937 අංක 07 දරණ (සංශෝධිත) ආඥා පනතේ අංක 56 (අ) (1) (අ) යටතේ වරදක් සිදු කර ඇති බව එම පැමිණිල්ලෙන් චෝදනා කර තිබිණි.

අද (25) එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Related articles

error: Content is protected !!