27 C
Galle

අරගලයේ දී පැහැරගත් බව කියූ ගිනි අවියක් පාලමක් යටින් මතුවෙයි

Published:

පාර්ලිමේන්තු වටරවුම අසළ පොල්දූව හන්දියේ දී පසුගිය 13 වැනි දා පැවැති විරෝධතාවයේ දී අතුරුදන් වූ බව කියූ ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවිය දියවන්නා ඔයේ පාලමක් යට තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම ගිනි අවිය විරෝධතාකරුවන් විසින් කොල්ලකෑ බව කලින් ප්‍රකාශ කෙරිණි.

යුද හමුදා සෙබළු දෙදෙනකු ගේ ටී 56 ගිනි අවි දෙකක් සහ පතොරම් ගැබ් 02ක් එලෙස කොල්ල කා ඇතැයි පොලිසිය මීට පෙර කීවේය.  මෙම ගිනි අවිය සමඟ හිස් පතොරම් ගැබක් දියවන්නා ඔයේ පාලම යට තිබී නාවික හමුදා කිමිදුම් බලකාය විසින් පසුගිය 23 වැනි දා සොයාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!