27 C
Galle

සතුන්ට ඇටවූ උගුලේ පැටලී දරුවා මරු දකී

Published:

සතුන්ට ඇටවූ උගුලක පැටලී 11 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය, කොවෙහෙරගල පදිංචි ඩී.එම්.නුවන් නෙත්සර නමැති 11 හැවිරිදි දරුවෙකි.

එම දරුවා තම ඊයේ (24)  අසල්වැසි නිවසකට ගිය අවස්ථාවේ දී වන සතුන්ට අටවා තිබූ අනවසර විදුලි කම්බියක පැටලී ඇත. විදුලිසැර වැදුණු දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව වෛද්‍යවරු කියති.

සිද්ධිය සම්බන්ධයෙන් එම විදුලි කම්බිය ඇද තිබූ නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!