සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේෂ සහගත සහ වෛරී ප්‍රකාශ කරන ලදැයිි සැකපිට අත්අංගුවට ගත් පුද්ගලයකු අගෝස්තු 08 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි ගාල්ලල මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ ගාල්ලෙ කාටුවේ පදිංචි අහමදු නිස්වර් නමැති පුද්ගලයෙකි.
ගෝල්ෆේස් හි පැවැති අරගලයට සහාය පළකරමින් පොලිසිය සහ හමුදාවට එරෙහිව ද්වේශ සහගත සහ වෛරී ප්‍රකාශ අඩංගු සටහන් සමාජ මාධ්‍යවල පළකරන ලදැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිිකරණයට කියා සිටියේ සැකකරු මෙම ද්වේශ සහගත සහ වෛරී ප්‍රකාශවලින් ජනතාව උසිගන්වන ආකාරයේ පෙළඹවීමක් සිදුකර ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකයේ මාතර කොට්ඨාසයේ නිලධාරින් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.


