25.8 C
Galle

ජනාධිපති රනිල් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Published:

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුදගලයන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන්න යැයි රජය වෙත නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක වගඋත්තරකරු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන් මුදාහරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරන ලදී. එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස වත්මන් ජනාධිපතිවරයා නම් කර තිබුණ ද ඔහුට ‍එරෙහිව පෙත්සම් කරුවන් සහනයක් අපේක්ෂා නො කරන බැවින් ඔහු මුදා හරින ලෙස පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම නියෝගය කර ඇත.

Related articles

error: Content is protected !!