25.8 C
Galle

කොරෝනා ලක්ෂණ ඇති දරුවන් පාසල් යවන්න එපා

Published:

කොරෝනා රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලා සිටියි.

කොරෝනා වසංගතය නැවත ශ්‍රී ලංකාව පුරා වර්ධනය වෙමින් පවතින බැවින් මේ සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත් වන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. කාලයකට පසු පාසල් විවෘත කිරීම හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බැවින් රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් නො යැවීම රෝගය යළි පාසල් දරුවන් අතරට යාම වළක්වා ගැනීමට හොඳම ක්‍රමය බව හෙතෙම පවසයි.

Related articles

error: Content is protected !!