25.8 C
Galle

“භරණ” ගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි

Published:

“භරණ” ඇතාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියෝ පොලිසියෙන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්ත‍මේන්තුවෙන් ඉල්ලා සිටිති.

මේ ඇතා වසර 50කට අධික කාලයක් නාමල් උයන රක්ෂිත‍යේ සහ කලාවැව රක්ෂිතයේ සැරිසරමින් ජීවත් වූයේ ය. හිමියන් පවසන්නේ ඇතාගේ හොඬයේ පිලිස්සුම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවයි. එබැවින් මේ මරණය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස හිමියෝ ඉල්ල සිටිති.

මෙම ඇතාගෙන් කිසිම පුද්ගලයකුට අනතුරක් සිදු වූ බවට වාර්තා වී නැතැයි ද ගැමියෝ කියති.

Related articles

error: Content is protected !!